AO3 News

Post Header

Published:
2022-01-15 17:12:13 UTC
Original:
International Fanworks Day 2022 is Coming Soon
Tags:

ජාත්යන්තර රසික නිර්මාණ දිනය

සූදානම් වන්න : ජාත්යන්තර රසික නිර්මාණ දිනයට තව මාසයයි! ජාත්යන්තර රසික නිර්මාණ දිනය ( හෝ කෙටියෙන් පැවසුවහොත් 'IFD', ඉංග්රීසියෙන් කෙටියෙන් හඳුන්වන ආකාරය) 2014 වසරේදී OTW (පරිණාමීය කටයුතු සඳහා වන සංවිධානය) විසින් ආරම්භ කරන ලදී. පෙබරවාරි මස 15 වන දාට යෙදී තිබෙන මෙම දිනයේදී විවිධාකාරයන්ගේ රසික නිර්මාණ සමරනු ලබනවා. මෙම වසරේදී අප විසින් සමරනු ලබන්නේ 8 වන වාර්ෂික 'IFD' සැමරුමයි!

මෙවර OTW හි අපගේ වාර්ෂික තේමාව වන්නේ "සම්භව්ය රසික නිර්මාණ" වන අතර කෙසේ වෙතත් ඔබට අවශ්ය ආකාරයට "සම්භාව්ය" යන්න නිර්වචනය කර ගැනීමට ඉඩ සලසා ඇත. එයින් අදහස් වන්නේ ඔබේ රසිකත්වයේ කොඳු නාරටිය සේ පිහිටුවා ඇති කෘති විය හැකිය, නැතහොත් ඔබ නැවත නැවතත්, වරින් වර බලන කෘති විය හැකිය - ඔබ "අත්යවශ්ය කියවීම්" ලෙස සලකන කෘති හෝ විය හැකිය. ඔබට අවශ්ය පරිදි සහභාගී විය හැක, නමුත් පහත පරිදි යෝජනා තුනක් අපට ඉදිරිපත් කළ හැකි වේ:

මෙම කෘතීන් ශ්රව්ය, දෘශ්ය හෝ පාඨ, වීඩියෝ සිට පොඩ්ෆික්ස් හෝ මෙටා සිට රසික ප්රබන්ධ දක්වා, ඔබ සම්භාව්ය යැයි සිතන හෝ ඔබට අත්යවශ්ය යැයි සිතෙන කෘති විය හැක.

ඔබ ඉදිරිපත් කරන සහ බෙදා ගන්නා දේ දැකීමට අපි ඉතා සතුටින් බලා සිටින්නෙමු! ඔබ සමාජ මාධ්යවල සහභාගී වන්නේ නම් #IFD2022 හෝ #IFDChallenge2022 යන හෑෂ් ටැගය භාවිතා කරන ලෙසත්, AO3 හි ඔබගේ නිර්මාණ එළි දක්වන්නේ නම්, 'ජාත්යන්තර රසික නිර්මාණ දිනය 2022' යන ටැගය භාවිත කරන ලෙස අපි ඔබට ආරාධනා කරන්නෙමු. ඔබ හෝ ඔබේ රසික ප්රජාවන් ඔබේම ක්රියාකාරකම් සිදු කරන්නේ නම්, අපට දැන්වූ විට අපට ඒවා ප්රචාරණය කිරීමට සංඥා කළ හැක!

විමසිලිමත් වන්න අපගේ පුවත් මඟින් ජාත්යන්තර රසික නිර්මාණ දින ක්රියාකාරකම් ගැන සහ ඒ සඳහා වන අපගේ සැලසුම් පිළිබඳව වැඩිදුර විස්තර දැනගත හැක.


OTW යනු AO3, Fanlore, Open Doors, TWC, සහ OTW නීති උපදේශනය ඇතුළු විවිධ ව්යාපෘතිවල ලාභ නොලබන මව් සංවිධානයයි. අපි රසිකයින් විසින් මෙහෙයවනු ලබන, මුළුමනින්ම පරිත්යාගශීලීන්ගේ සහය ලබන, ස්වේච්ඡා සේවකයින් විසින් පරිපාලනය වන සංවිධානයකි. අප ගැන වැඩි විස්තර OTW වෙබ් අඩවිය මඟින් දැනගන්න. අපගේ ස්වේච්ඡා පරිවර්තක කණ්ඩායම ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමට පරිවර්තන පිටුව පරීක්ෂා කරන්න. .