Post Header
ඉදිරි දින කිහිපය තුළ, අපි පරිශීලකයින්ට තෑගි කෘති ලබා දිය හැක්කේ කාටද යන්න පිළිබඳව වැඩි පාලනයක් ලබා දීමට නව මනාපයක් ඉදිරිපත් කරන්නෙමු. මෙම වෙනස Archive of Our Own – AO3 (අපගේම ලේඛනාගාරයේ) පරිශීලකයින්ට ඔවුන්ගේ අත්දැකීම් පාලනය කිරීමට සහ අනවශ්ය අන්තර්ක්රියා සීමා කිරීම හා තවත් විකල්ප ලබා දීම මෙම ක්රියාවලියේ වැදගත් පියවරකි.
මනාපය හඳුන්වනු ලබන්නේ "Allow others to give me gift works outside gift exchanges and prompt memes." ("තෑගි හුවමාරුව සහ ඉක්මන් මෙම්ස් වලට අමතරව මා හට තෑගි නිර්මාණ ලබා දීමට අන් අයට ඉඩ ලබා දීම.")
මෙම මනාපය ක්රියාත්මක කර ඇති විට, ඕනෑම AO3 පරිශීලකයෙකුට ඔබට නිර්මාණයක් ලබා දීමට හැකි වනු ඇත. එය AO3 හි වත්මන් ස්වභාවය වන අතර, එය AO3 හි සියලුම පරිශීලකයින් සඳහා පවතින පුරුදු ස්වභාවය වනු ඇත.
මනාපය ක්රියාත්මක කර නැති විට, ඔබට නිර්මාණ ලබා දිය හැකි එකම පරිශීලකයින් වනුයේ තෑගි හුවමාරුවක දී ඔබ වෙනුවෙන් රසික නිර්මාණයක් නිර්මාණය කිරීමට පවරා ඇති හෝ ඔබේ නිර්නාමික නොවන ප්රේරකවලට හිමිකම් කියන පරිශීලකයන් පමණි. වෙනත් ලෙසකින් කිවහොත්, ඔබට කිසිවකුගෙන් තෑගි ලබා ගැනීමට අවශ්ය නැති නම්, ඔබට මෙම මනාපය අක්රිය කර අභියෝග සඳහා අත්සන් කිරීමෙන් වැළකී සිටිය හැක.
මෙම පරිවර්තනයෙන් පසුව සාදන ලද ගිණුම් සඳහා ස්වභාවයෙන්ම මනාපය ක්රියාවිරහිත කරනු ලැබේ. (අපි සාමාන්යයෙන් ඕනෑම නව මනාපයක් ස්වභාවයෙන්ම අක්රිය කරන්නෙමු, නමුත් පවතින අභියෝගවලට බාධා නොකිරීමට තෑගිවලට ඉඩ දීම සිදු කරන්නෙමු.)
පරිශීලකයෙකු මනාප අක්රිය කර ඇත්නම් සහ ඔබ ඔවුන්ට නොඉල්ලූ ත්යාගයක් ලබා දීමට උත්සාහ කරන්නේ නම්, පරිශීලකයා තෑගි සඳහා ඉඩ ලබා නොදෙන බවට දෝෂ පණිවිඩයක් ඔබට ලැබෙනු ඇත.
මනාපය අදාළ වන්නේ නව තෑගි සඳහා පමණි, එබැවින් ඔබට තවමත්, ලබන්නා ඉවත් නොකර පවතින ඕනෑම ත්යාගයක් සංස්කරණය කිරීමට හැකි වනු ඇත.
ඔබ මනාපය සක්රීය හෝ අක්රීය කර ඇතත් Your Gifts (ඔබේ තෑගි) පිටුවට ප්රවේශ විය හැකිය. ඔබට තවමත් පවතින හෝ නව තෑගි ප්රතික්ෂේප කිරීමට ද හැකි වනු ඇත.
මොකක්ද? මඳක් රැඳෙන්න,
- ඔබ දැනටමත් AO3 පරිශීලකයෙක් නම්, ඔබ ඔබේ මනාපයන් යාවත්කාලීන කරන්නේ නම් මිස කිසිවක් වෙනස් නොවනු ඇත.
- ඔබට කිසිදා තෑගි කෘතීන් ලබා ගැනීමට අවශ්ය නොවේ නම්, ඔබට ඔබේ මනාප පිටුවේ "තෑගි හුවමාරුවෙන් පිටතදී මට තෑගි කෘතීන් ලබා දීමට අන් අයට ඉඩ දෙන්න" සහ ඕනෑම අභියෝගයක් සඳහා ලියාපදිංචි වීම වළක්වා ගත හැක.
වෙනස්කම් යොදවා ඇති විට ඔබට දැනුම් දීමට අපි මෙම පළකිරීමේ ඉංග්රීසි අනුවාදය යාවත්කාලීන කරන්නෙමු.